අවසන් ආසාදිතයින්ගෙන් 12ක් හමුදා නිලධාරීන්

මැයි 03, 2020

    අවසන් වරට වාර්තා වු මෙරට කොරෝනා ආසාදිතයින් 15 දෙනාගෙන් ආසාදිතයින් 12 දෙනෙක් නාවික හමුදා නිලධාරීන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 10 දෙනෙක් නිවාඩු ගොස් පැමිණි අය බවත් අනෙක් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් වනවා.

    එමෙන්ම අනෙක් රෝගීන් තිදෙනා නාවික හමුදාවේ ඥාතීන් වන අතර ඔවුන් මිහින්තලේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථාන වල සිටින අය බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

    ඒ අනුව තවත් පුද්ගලයින් තිදෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනා ගෙන තිබේ. කෙසේ වෙතත් අද උදෑසන වන විට මෙම ආසාදිතයින් සියලු දෙනා සමඟ සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගියේය. 

    දැඩි අවදානම් කාලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ. කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 07 දෙනෙක් මියගොස් තිබේ.

     

    Last modified on ඉරිදා, 03 මැයි 2020 10:24

    Latest News