ආසාදිතයින් අතර සිලෝන් ඔක්සිජන් සමාගමේ සේවකයෙකුත්

මැයි 02, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ 25 දෙනෙකු තහවුරු වූ අතර ඉන් 18 දෙනෙක්ම නාවික සෙබලුන් වෙයි.

    තවත් 5 දෙනෙකු රෝගයට ගොදුරු වූ නාවික හමුදා නිලධාරීන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් බවයි, වාර්තා වන්නේ. තවත් එක් රෝගියෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගනු ලැබීය. සිලෝන් ඔක්සිජන් සමාගමේ සේවකයෙකුට ද රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වී තිබේ. නාවික හමුදාවේ කොරොන් වෛරසය ආසාදිත සෙබලෙකු සමග සේවා ස්ථානයේ දී සබඳතා පැවැත්වූ අයෙක්.

    මෙරට ඊයේ දිනය තුළ සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,107ක්. පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් සහ නාවික හමුදා නිලධාරීන්ගෙන් ලබා ගෙන තිබේ.

     

     

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 12:00

    Latest News