ඇදිරිනීතියෙන් සිරවූ 500ක් නිවෙස් වෙත

මැයි 02, 2020

    ඇදිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් නැවත ගම් බිම් කරා පිටත් කර යැවීම අද සිට සිදු කෙරේ.

    සෑම පුද්ගලයෙකුම ගම්බිම් වෙත පිටත් කර යැවෙන්නේ වෛද්‍ය පරීක්ෂයකින් අනතුරුවයි.

    මෙහි පළමු අදියර ලෙස කැළණිය පොලිස් කොට්ඨාසයේ සිරවී සිටින ගැබිණි මාතාවන්, දිර්ඝ කාලීන රෝගීන් සහ දරුවන් ඇතුළු පිරිසක් ඔවුන්ගේ ගම් බිම් වෙත පිටත් කර යැවීමට නියමිතයි. මෙම මෙහෙයුම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අධීක්ෂණය කෙරේ. ඔවුන් ප‍්‍රවාහනය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ ශී‍්‍ර ලංගම බස් රථ මගින් සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 09:09

    Latest News