භාණ්ඩ නිදහස් කර ගැනීමට සහන කාලයක් - වරායෙන්

මැයි 02, 2020

    කොළඹ වරායේ ගොඩගැසී ඇති බහාලුම්වල පවතින භාණ්ඩ ප්‍රමාද ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා වරාය අධිකාරිය අවස්ථාව ලබාදී තිබේ.

    ඒ අනුව ලබන 7 වැනි දා දක්වා එම අවස්ථාව හිමිවේ.

    එමෙන්ම වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මුදල් අය කිරීම ලබන 8 වැනි දා සිට නැවත ආරම්භ කරන බවයි වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ.

    Latest News