1886 මැයි පළමු වැනිදා අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවෝ උද්ඝෝෂණය කළහ. මැයි 3 වැනිදා ඒ කම්කරුවන් විසුරුවා හැරීමට චිකාගෝ පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහි දී කම්කරුවන් 6 දෙනෙකු මියගිය අතර පනස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූහ.
එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් 1886 මැයි 4 වැනිදා පැවති යෝධ කම්කරු පෙළපාලිය අවසන් වූයේ චිකාගෝ නගරයම රුධිරයෙන් තෙත් කරමිනි. එදා කම්කරු අරගලයේ දිවිපිදූ පිරිස සිහිපත් කරමින් ලොවපුරා වැඩකරන ජනතාව 1890 සිට මැයි දිනය සැමරති. 1933 දී මෙරට පළමු කම්කරු දින සමුළුවේ එවක කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එස් . ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී මැයි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.