අදත් වැසි සහිත දවසක්

මැයි 01, 2020

    අදත් දිවයිනේ පළාත් 7 ක් සඳහා වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

    බස්නාහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි තත්ත්වයක් ඇති විය හැක.

    ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News