සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

අප්‍රේ 28, 2020

    කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (28) අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරයි.

    මෙහිදී ඇදිරිනීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවල රෝහල්වලට පැමිණෙන රෝගීන් හට සළසන සුව සේවා සත්කාරක සේවාවන් නිසි අයුරින් සැළසීමටත්, පවතින අවධානම හමුවේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍යවරුන් ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සීමා කොට එම සීමා කරන ලද කාර්ය මණ්ඩලය තුලින් උපරිම සුව සේවා සත්කාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන් පිළිබදවත්, එම සුව සේවා සත්කාර සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇගලුම් හා අනෙකුත් උපකරණ ලබාදීම පිළිබදව ද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනි.

    COVID-19 මර්දන වැඩපිළිවෙලේ දී ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලට අවශ්‍ය අමතර වාහන කඩිනමින් ලබාදීමටත්, දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය තවත් ඉහළනැංවීමටත්, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදව සාකච්ඡා කෙරින.

    කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටරාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා කැදවා සාකච්ජා කොට අවශ්‍ය උපදෙස් ලබාදීමටද එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද සාකච්ජා කෙරිනි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 14:07

    Latest News