කඳවුරු වෙත එන රණවිරුවන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට

අප්‍රේ 28, 2020

    නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිට යළි කදවුරු වෙත කැදවූ නාවික සෙබළුන් විශේෂ ක‍්‍රමවේදය යටතේ නිරෝධායනයට ලක් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

    එම සෙබළුන් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ හුදෙකලා ස්ථානයක තැබීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර සදහන් කළේ.

    නාවික හමුදා සාමාජිකයින් අතර පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීමට නාවික හමුදාවට හැකි බවත් ඒ වෙනුවෙන් මේ වනවිටත් පියවර රැසක් ගෙන ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 13:19

    Latest News