බංග්ලාදේශයේ සිටි ලාංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

අප්‍රේ 28, 2020

    බංගලාදේශයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.

    සිසුන් 73 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස ඊයේ (27) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇත.

    සිසුන් පිරිස ඊයේ දින රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1423 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරිමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 08:43

    Latest News