සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් යානයක් අදත් ඉන්දියාවට

අප්‍රේ 26, 2020

    ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර්හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 1193 දරන මෙම ගුවන් යානය අද (26) දින උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

    මෙම ගුවන් යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු පමණක් ගමන් කර ඇති බවයි අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් ක‍ළේ. ගුවන් යානය මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 11:30

    Latest News