කොවිඩ් 19 මර්දනය සඳහා හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්

අප්‍රේ 25, 2020

    කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද රැස්වුණේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

    මෙහිදී අවධාරණය කෙරුණේ, කොවිඩ් 19 මර්දනය සඳහා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාත්මක විය යුතු බවයි. රජයේ රෝහල් සහ ආයතනවල PCR යන්ත්‍ර 55ක්, විශ්වවිද්‍යාලවල PCR යන්ත්‍ර 47ක් සහ පෞද්ගලික අංශයේ PCR යන්ත්‍ර 15ක් තිබේ. PCR පරීක්‍ෂණ වැඩි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. නේවාසික රෝගීන් පිළිබඳව මෙන්ම, බාහිර රෝගී සායන පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය යුතු බව මෙහිදී සඳහන් කෙරිණ.

    Latest News