දඩයක්කරුවන්ගේ වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

අප්‍රේ 23, 2020

    දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඔහු දඹගල්ල පොලිස් වසමේ ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටවගොස් සිටි ඉඟිණියාගල වනජීවී කාර්යාලයට අනුයුක්ත වයස අවරුදු 25ක් වන නිලධාරියෙකි.

    ඊයේ(22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි.

    මිය ගිය නජීවි නිලධාරියාගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරික්ෂණ අද සිදු කිරීමට නියමිතයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News