වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යාතනයෙන් කොවිඩ් අරමුදලට රු. ලක්ෂ 30ක්

අප්‍රේ 21, 2020

    ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය කොවිඩ්-19 සෞඛය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් තිස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

    එම විද්‍යායතනයේ සාමාජිකයන් 300ක් පමණ සිටින අතර එම සියලුදෙනා සිය වැටුපෙන් කොටසක් අරමුදලට ලබාදීමටයි, පියවර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඊයේ පැවැත්වූ සාකච්ජාවක දී මේ බව ප්‍රකාශ කර තිබේ.

    සාකච්ජාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මර්දනය, පාලනය හා ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳ එම විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස් හා යෝජනා විමසීමයි.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 10:56

    Latest News