මහ මැතිවරණය ජුනි 20: ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අප්‍රේ 21, 2020

    පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.

    ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතු එම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණ.

    මිට පෙර අප්‍රේල් මස 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුණ ද කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මීට පෙර පියවර ගනු ලැබීය.

    887A75A5 B8DC 4DB7 8FC0 AE131735BB44

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 08:34

    Latest News