ඇමති නිමල් සිය අමාත්‍යාංශයේ ඉදිරිය වැඩ ගැන විමසයි

අප්‍රේ 20, 2020

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම් හා සෙසු නිලධාරීන් අතර හමුවක් අද (20) අධිකරණ මානව හිමිකම් හා නීතිපති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

    මෙහිදී රාජකාරී කටයුතු ඉදිරි දින වලදී සිදුකරණ ආකාරය පිළිබද අවධානය යොමුවිය. එනම් කාර්යාල කටයුතු සදහා 20% සේවක දායකත්වයක් ලබා ගැනීම, අමාත්‍යාංශයේ රාජකාරී සඳහා ප්‍රමුඛතාවය ලබා දියයුතු අංශයන් සදහා වැඩි අවධානයක් යොමු කිරීම,රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවේ දැනට සිදුකරමින් පවතින 3500 ක් පමණ වන පරීක්ෂණ වලින් ඉතා ඉක්මනින් නිමකලයුතු කාර්යන් මෙම කාලය තුලදී නිමකිරීම යනාදිය මෙහිදී සාකච්ජා කෙරිණ.

    UNDP ආයතනය මගින් පිරිනැමීමට නියමිත පරිගණක යන්ත්‍ර 50 ක් උපයෝගී කරගෙන එමගින් බන්ධනාගාර සහ උසාවි අතර Skype තාක්ෂණය යොදාගනිමින් සම්බන්ධතාවයක් ඇතිකර එමගින් රැදවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම වළකා තදබදය අවම කිරීමට කටයුතු කිරීම සහ අධිකරණ සේවා කොමිසමේ සහයෝගය ඇතිව සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි උසාවි කටයුතු ඉදිරි දිනවල දී සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසීම යනාදී කරුණු පිලිබදව ද මෙහිදී සාකච්ජා කෙරිණ.

     

    Latest News