මැනිං වෙළඳපොළ තවත් සතියකට වසයි

අප්‍රේ 17, 2020

    දැනට උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං වෙළඳපොළ තවත් සතියක කාලයකට වසා තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියි.

    ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යි.

    මැනිං වෙළඳපොළට සිය එළවළු සහ පලතුරු නිෂ්පාදන රැගෙන ගොස් විකුණන ලද ගොවියන් සහ වෙළදුන්ට නැවත දැනුම් දෙන තුරු සිය නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙස ද දැනුම් දී සිටි.

    මැනිං වෙළඳපොළින් තොග සහ සිල්ලර වෙළදාම සඳහා එළවලු සහ පලතුරු මිලදී ගත් වෙළඳුන්ට අදාළ ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු වන ලෙස දැනුම් දී සිටියි.

    තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පළතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ.

    මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පළතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.

    Latest News