බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

අප්‍රේ 17, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව ඊයේ(16) මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලදි.

    නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් සෝදිසි මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව තලෙයිමන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව සිදු කරන ලද පරීක්‍ෂා කිරීම්වලදී ධීවර වාඩියක් තුල සඟවා තිබූ හක් බෙල්ලන් 460ක් පමණ සොයා ගන්නා ලදි. එහිදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔහු වයස අවුරුදු 40 ක් වන මන්නාරම‍, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තහවුරු කරගන්නා ලදි.

    නාවික හමුදා භාරයට ගන්නා ලද හක් බෙල්ලන් තොගය සහ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් සිදු කරනු ලබයි.

    Latest News