විශ්වවිද්‍යාල ආරම්භය අදියර තුනකින්

අප්‍රේ 14, 2020

    විශ්වවිද්‍යාල කටයුතු අදියර 03 ක් යටතේ, ආරම්භ කිරීමට දින නියම කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මැයි 4 වැනිදා සිට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා විශ්වවිද්‍යාල විවෘත කරන බවයි.

    තවද විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන් සඳහා මැයි 11 වැනි දින සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මැයි 18 වැනි දින සියලු වසරවල සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතයි.

    Latest News