මෙරට COVID-19 ආසාදිතයින් 214 දක්වා ඉහළට

අප්‍රේ 13, 2020

    COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.

    ඒ අද තවත් ආසාදිත 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට COVID-19 වෛරසය ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 151කි. තවද වෛරස ආසාදිතයින් 56 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ‍සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එමෙන්ම 117 දෙනෙකු සෞඛ්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

    කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

    Latest News