වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ 18ක් නාවික හමුදා භාරයට

අප්‍රේ 13, 2020

    බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් ව ඇත.

    නාවික හමුදා නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මගින් ඊයේ(12) දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිර ඇත. එහි දී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ කිහිපයක් සහ එම ධීවර යාත්‍රා තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 55 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

    Latest News