අදත් හවසට වැසි

අප්‍රේ 13, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවලට 50mm පමණ තරමක තද වැසි ඇති විය හැක. ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ඇති විය හැක. 

    අද(13) දිනයේ දහවල් 12.11 ට තේකම්පුද්දි, වෙල්ලන්කුලම්, උයිලන්කුලම් සහ කච්චිලමඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

    Latest News