බක් පුර පසළොස්වක පොහොය අදයි

අප්‍රේ 07, 2020

    බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

    බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ ද අද වැනි දිනකයි.

    එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස මහාසංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව පොහොය දිනය වෙනුවෙන් නිවෙස්වල සිටම ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.

    Latest News