දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

අප්‍රේ 07, 2020

    ගොවි ජනතාවගේ, ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබේ. මේ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරැවුල මහතා අද (07) පවසා සිටියි.

    රටේ පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ මෙම වෛරස් තත්ත්වය පැතිර යෑමේ දැඩි අවදානම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සමඟ වෙළෙඳ සංගමය දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට මෙම තීරණයට එළඹි බව ඔහු වදිදුරටත් සඳහන් කර සිටියේය.

    ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගේ නිෂ්පාදන මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් හරහා මිලදී ගෙන ඒවා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    ඒ අනුව විශාල වශයෙන් ජනතාව එක්රැස් නොවී ගොවි නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතරට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් තිබුණ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    Latest News