නිරෝධානයක අවසන් කළ තවත් 45ක් නිවෙස් වෙත

අප්‍රේ 02, 2020

    දින 14ක නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිට අද සිය නිවෙස් බලා පිටව ගියේය.

    වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද උදේ පිටව ගිය පිරිසට 45 දෙනෙකු ඇතුලත්. ඔවුන් පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්. පිරිස නිවෙස් වෙත පිටත් කර හැරීම සඳහා යුද හමුදා ආරක්ෂාව යටතේ බස් රථ කිහිපයක් යොදවා තිබිණ. අප වාර්තාකරු පවසන්නේ, වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානවල යුද හමුදාව යටතේ තවත් ඉතිරිව ඇත්තේ 15 දෙනෙකු පමණක් බවයි.

    දියතලාව යුද හමුදා නිල නිවාසවල නිරෝධායනයට ලක් කර සිටි 25 දෙනෙකු ද නිරෝධායන කාලසීමාව අවසන් කර අද සිය නිවෙස් බලා පිටත්ව ගියේය. ඔවුන් මහනුවර සහ කොළඹ ප්‍රදේශවල පදංචිකරුවන්. යුද හමුදා ආරක්ෂාව යටතේ පිරිස පිටත් කර හැරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 11:05

    Latest News