COVID-19 නිසා මිය ගිය දෙවැන්නාගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේම

මාර් 31, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු මීගමුව මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේදී ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිදුකර ඇත.

    ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුවයි එම අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ.

    අදාළ සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව මෙම අවසන් කටයුතු සිදුකර ඇති බව සදහන්වේ. ඒ සඳහා මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිසිවෙකුත් සහභාගි වී නැති බව ද වාර්තා වේ.

    Latest News