අයිස් සහ කොකේන් තොගයක් නාවික හමුදා මෙ‍හෙයුමකින් සොය ගනී

මාර් 31, 2020

    නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.


    එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ.

    මෙම මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමකින් යුක්ත වනු ඇතැයි සදහන් වේ.

    ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මෙම යාත්‍රාවක් අත් අඩංගුවට ගෙන ඇත. මෙම විදේශීය යාත්‍රාව කිසියම් රාජ්‍යක ධජයක් රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ.

    මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා හෙට(01) දිනයේ දී දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතය.

    Latest News