කොවිඩ් 19 මරණ සංඛ්‍යාව දෙකයි; සුව වූ ගණන 14ක්; අසාදිත ගණන 122ක් (වීඩියෝ)

මාර් 30, 2020
  • කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් අතරින් තවත් පුද්ගලයෙකු අද මිය ගියේය.

    එය මීගමුව රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී. 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අද දින පෞද්ගලික රෝහලක සිට මීගමුව රෝහලට මාරු කර යවා ඇති මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ද අද දිනය තුළයි. එසේම ඔහු හෘදයාබාධයකින් පෙළි ඇති බවත්, දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු බවත්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.

    කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට මෙරට දී මුල්වරට තහවුරු වූ චීන ජාතික කාන්තාවත් සමඟ රෝගය සම්පූර්ණයෙන් සුව වී රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 14ක්. මරණයට පත් රෝගීන් සංඛ්‍යාව 02ක්. රෝගීන් 106 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    බේරුවල පන්නිල ග්‍රාමයට ඇතුළුවීම සහ පිටවීම මේ වනවිට තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. එම පුද්ගලයා සහන සේවා කටයුතුවල නිරතව ඇති බව වාර්තාවේ.

    Last modified on සදුදා, 30 මාර්තු 2020 20:55

    Latest News