ගබඩා කරගෙන ඇති බඩඉරිඟු ඉදිරි පැය 24 ඇතුලත නිකුත් කළ යුතුයි (වීඩියෝ)

මාර් 30, 2020
  • ගබඩා කරගෙන ඇති බඩඉරිඟු නියමිත පාලන මිලට අනුව ත්‍රිපෝෂ සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා නිකුත්‌ කළ යුතු බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    මෙරටට ආනයනය කරන සහ දේශීයව බඩඉරිඟු මිලදී ගෙන ගබඩා කරගෙන සිටින සියලු ආනයනකරුවන්‌ සහ ගබඩාකරුවන්‌ ‍ඉදිරි පැය 24 ඇතුලත අදාළ තොග නිකුත් කළ යුතුයි.

    එසේ නිකුත්‌ නොකර තවදුරටන්‌ බඩඉරිඟු තොග සඟවා තබාගෙන සිටින සියලුම ස්ථාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්‌ පරීක්ෂා කර වැටලීම්‌ කිරීමට නියමිතයි. ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු නිකුත් නොකරන ආනයනකරුවන්‌ සහ ගබඩාකරුවන්‌ සම්බන්ධව පාටභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පනතේ විධිවිධාන අනුව දැඩි නීතිමය පියවර ගන්නා බව, දැනුම්‌ දෙයි.

    Latest News