චීනයේ සිට වෛද්‍ය ආධාර රැගත් ශ්‍රීලංකන් ගුවන් යානයක්

මාර් 30, 2020

    ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටුකරමින් චීනයේ ෂැංහයි සිට වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී.

    මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාව විසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත සිදු කරන ලද පරිත්‍යාගයකි. මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන ලදී.

    මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්ණාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ, නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය භාණ්ඩ මෙම තොගයේ අඩංගු වූ අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වල බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත.

    Latest News