ඇඳිරි නීති කාලය කැඩූ පිරිස 6000 ඉක්මවයි

මාර් 29, 2020
    ගත වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
    වාහන ද 184 ක් අත්අඩංගුවට පත්ව තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සදහා 2020.03.20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද (29) උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041 දක්වා ඉහළ ගොස් තිබේ. වාහන 1477 ක් ද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 08:34

    Latest News