මධ්‍යම පළාතේ පළමු කොරෝනා ආසාදිතයා අකුරණින් වාර්තා වෙයි

මාර් 28, 2020

    මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

    මොහු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් බවත් ඔහු රෝගී තත්වය සගවාගෙන සිට ඇති බටත් වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් තහවුරු වී තිබේ.

    රෝගියා මේ වන විට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවත් මොහු පිරිමි පුද්ගලයෙක් බවත් ඉදිරි කටයුතු සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන බවත් වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මහනුවර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ දී මාධ්‍ය වෙත පවසා සිටියි.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 16:45

    Latest News