කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලන්තයේ දී මියයයි

මාර් 27, 2020

    ස්වටිසර්ලන්තයේ සිටි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ඊයේ මියගොස් තිබේ. 

    ඔහු 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.  මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බව ස්විට්සර්ලන්ත රජය තහවුරු කර තිබේ.  ඒ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ විමසීමකින් පසුවයි.  එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙතු බව තහවුරු වී ඇත්තේ පසුගිය බදාදා සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුවයි. 

    ඔහු යාපනය දිස්ත්‍රික්කයට අයත්, පුන්කුඩුතිව් දූපතේ පදිංචිකරුවෙක් වන අතර ස්වට්සර්ලන්තයේ නේවාසික බලපත්‍ර හිමියෙකු ද වෙයි.  

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 12:02

    Latest News