ශ්‍රී ලංකාවට ස්වීට්සර්ලන්තයේ උපරිම සහාය

ජූනි 06, 2022
    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. 
    වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය  හා යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හා ඒම පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසුව ඇති වන දේශපාලන ස්ථාවරත්වය තුළින් ආර්ථික ස්ථාවරය ළගා කර ගත හැකි ආකාරය පිළිබදව අධිකරණ ඇමතිවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය. 
    ශ්‍රී ලංකාව සහ ස්වීට්සර්ලන්තය අතර දීගු කාලයක සිට ආර්ථික හා දේශපාලන වශයෙන් දැඩි මිත්‍රත්වයක් පවතින බවත් , මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒ්ම සදහා ස්වීට්සර්ලන්ත රජයේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය. 
    වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝගයන් පිළිබදව තම අවධානය යොමුව ඇති අතර ඉන් අත් මිදීම සදහා සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන බව තානාපතිවරයා මෙහිදි සදහන් කළේය. 
    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට ඒක්විය. 

    Latest News