නොසන්සුන්වූ බේරුවල වරාය වසා දැමේ

මාර් 27, 2020

    බේරුවල ධීවර වරාය අද පෙ.ව. 4.30 ට තොග වෙළද කටයුතු සඳහා විවෘත වුවද මද වේලාවකින් පසුව සිල්ලර වෙළදාම් කිරීමට කිහිප දෙනෙකු කටයුතු කිරීම නිසා ඇතිවූ නොසන්සුන් තාවය මත බේරුවල ධීවර වරා⁣යේ කටයුතු නවතා දැමීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමා කටයුතු කළේය.

    ඒ අනූව පොලිස් ස්ථානය සහ විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් මහා මාර්ගයේ දෙපස අලෙවි කටයුතු වල නිරත වූ වෙළඳුන් ද ඉවත් කිරීමට කටයුතු කෙරිණි. 

    වරායේ කළමනාකාරවරයා පැවසුවේ  මෙවැනි ක්‍රියා නිසා  මාළු තොග අලෙවි කර ගත නොහැකි වීමෙන් ධීවර යාත්‍රා හිමියන් ඉමහත් අපහසුතාවයකට පත්වන බවයි.

    කෙසේ වෙතත් අනතුරුව පෙරවරු 8.45 ට පමණ බේරුවල වරාය වසා දැමූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 13:22

    Latest News