මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 106 ක්

මාර් 27, 2020

    දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 106 දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ වෛරසය ආසාදනය වී ඇති බවට තවත් සිව් දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගයි. 

    පෙබරවාරි 19 වැනි දින සුවය ලබා පිටව ගිය චීන කාන්තාව සමග ඊයේ දිනය වන විට මෙරට දී සුවය ලබා පිටව ගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 7 දෙනෙක්.  රෝගය ආසාදනය වී ඇති බවට දැනට තහවුරු කරගෙන ඇති රෝගීන් 100ක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල හා මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.  වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට තවත් 237 දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාත්මකයි.  

     

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 12:05

    Latest News