ජනපති ගැන එජාපයට වෛරී සහගත හැගීමක් නැහැ-සජිත්

දෙසැ 17, 2018

    පැවති දේශපාලන වාතාවරණය අනුව ඇතැමුන් උද්වේගකාරී ප්‍රකාශ සිදු කළ ද, ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ශාරීරික හානි සිදු කිරීමට හෝ එක්සත් ජාතික පක්‍ෂය කිසිසේත් අපේක්‍ෂා නොකරන බව, එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් අතර පැවති හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා...“බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කළෙත් නැහැ. අපි සාකච්ජා කළෙත් නැහැ. ඒවා කරන්නට බලාපොරොත්තුවකුත් නැහැ.

    ඒ වගේම මම ඔබතුමාට කියන්නට කැමතියි විවිධ අවේගශීලි අවස්ථාවන්වල අර දේශපාලන උණුසුමත් එක්ක ඒ උද්වේගකාරී තත්වයන් තුළ අපෙන් සහ අනෙකුත් පාර්ශ්වවලින් විවිධ උණුසුම් වචන පිටවුණා. කිසිම දවසක ඔබතුමාව රිදවන්නවත්, ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත්, ඔබතුමාගේ දරු පවුලේ සාමාජික-සාමාජිකාවන්ට හානි කරන්නටවත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ, ඔබතුමා අපේ ජනාධිපති නිසා. ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා.“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Latest News