නත්තලේ බීමත් රියදුරන්ට නීතිය තදින්

දෙසැ 17, 2018

    උත්සව සමයේ දී බීමත්ව රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    එය, දිවයිනපුරා ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය කියා සිටී. උත්සව සමයේ කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට හා රථ වාහන පාලනයට සිවිල් හා නිල ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදහසක්, රාජකාරියේ යොදවා තිබේ. බීමත් රියදුරන් කොටුකර ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර, රිය පැදවීමෙන් වළකින ලෙස, රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    උත්සව සමයේ සොරුන් සහ ගැට කපන්නන් ගැවසීමට ඉඩ ඇති බැවින්, පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී හා ජනාකීර්ණ ස්ථානවල ගැවසීමේ දී වඩාත් විමසිලිමත් වන ලෙස, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. කොළඹින් පිටත නගරවලට කොට්ඨාස මට්ටමින් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තම නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. උත්සව සමයේ ගිණිකෙළි භාවිතයේ දී අවට පිරිස්වල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව, පොලිස් මූලස්ථානය පවසයි. සෑම විටම ප්‍රමිතියෙන් යුත් ගිණිකෙළි භාවිත කරන ලෙසටත්, කුඩා දරුවන් ගිනිකෙළි පරිහරණයේ දී ඈත්කර තබන ලෙසටත් ඉල්ලීමක් කෙරේ.

    Latest News