IDH නව වාට්ටුවක්..කිලිනොච්චි,පලාලි,ඉරනමඩු නව නිරෝධායන මධ්‍යස්ථාන

මාර් 21, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ රෝගීන් සඳහා නව වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

    සති දෙකක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබුණද, දින 10කින් පමණ එය නිම කිරීමට අපේක්ෂා කරන බවයි ගුවන් හමුදා මූලස්ථානය පවසන්නේ.

    එහි ඉදිකිරීම් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ නිරීක්ෂණයට ලක්විය. රෝගීන් තිස් දෙනෙකුට පමණ එම ස්ථානයේ පහසුකම් සැලසිය හැකි බව වෛද්‍යවරුන් පවසයි. වෛද්‍යවරුන් හා රෝගීන් එකිනෙකා මුණගැසීම අවම වන පරිදි නව සැලසුමකට අනූව එය ඉදි කිරීමට අපේක්ෂිතයි. පුත්තලම පාලාවි, කිලිනොච්චි, ඉරනමඩු හා යාපනය පලාලි යන ප්‍රදේශවල ද නව නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කෙරෙන අතර එය සිදු කෙරෙන්නේ ගුවන් හමුදාවේ දායකත්වයෙන්.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 12:52

    Latest News