කිසිඳු හිගයකින් තොරව ලිට්රෝ ගෑස්

මාර් 21, 2020

    ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම් කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරයි.

    කිසිඳු ආකාරයකින් ගෑස් තොග අවසන් වීමක් සිදු නොවීමට සමාගම සියලුම විධිවිධාන සලසා ඇති බවත් දැනුම් දෙයි. දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බව සමාගම දන්වා සිටියි.

    වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 011-2505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අලෙවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටියි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 10:46

    Latest News