පිළිගත් නාමයෝජනා ප.ව 1.00ට ප්‍රකාශයට

මාර් 19, 2020

    දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් වෙත ඉදිරිපත් වූ නාමයෝජනා සළකා බලා පිළිගත් නාමයෝජනා පස්වරු 1.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
    මහමැතිවරණයට නාමයෝජනා බාර ගැනීම අද මධ්‍යහන 12.00න් අවසන් විය.

    මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා අද නාමයෝජනා බාර දුන්නේය. ඒ කණ්ඩායම් නායක එස්.එම්.චන්ද්‍රෙස්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කණ්ඩායම් නායක කස්තුරි අනුරාධනායක මහතා නාම යෝජනා බාර දුන්නේය.

    සමගි ජනබල වේගය වෙනුවෙන් නාම යෝජනා බාර දෙනු ලැබුවේ, කණ්ඩායම් නායක චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින්.

    මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාම යෝජනා බාර දුන්නේය. ලක්ෂමන් කිරිඇල්ල මහතා නාම යෝජනා බාර දෙනු ලැබුවේ, සමගි ජනබල වේගය වෙනුවෙන්.

    බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රය බාර දෙනු ලැබුවේ කණ්ඩායම් නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.

    කණ්ඩායම් නායක උපාලි සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාම යෝජනා බාර දුන්නේය.

    සමගි ජනබල වේගයේ නාමයෝජනා පත්‍රය බාර දුන්නේ, රවීන්ද්‍ර සමරවීර මහතායි.

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාර දුන්නේය.

    ගයන්ත කරුණාරත්න මහතා විසින් සමගි ජනබල වේගයේ නාම යෝජනා පත්‍රය දස්ත්‍රික් තේරීම් බාර නිලධාරියා වෙත බාර දෙනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 11:42

    Latest News