11 වැනි කොරෝනා රෝගියා ගැන නිරෝධායන ආඥා පනත අනූව ක්‍රියා කරනවා..අනිල් ජාසිංහ (වීඩියෝ)

මාර් 16, 2020
  • කොරෝනා බවට තහවුරු වූ 11 වැනි රෝගියා සම්බන්ධයෙන් නිරෝධායන ආඥා පනත අනූව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ එම රෝගියාට සෞඛ්‍ය අංශ අයි ඩී එච් රෝහලට ඇතුළත් වන ලෙස අවස්ථා කිහිපයක දී දැනුම් දී තිබුණත් ඊට අවනත නොවීම සම්බන්ධයෙන්. සෞඛ්‍ය ජනරාල්වරයා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ 'නුග සෙවන' වැඩසටහනට අද උදේ එක්වෙමින්.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 16:44

    Latest News