විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

මාර් 14, 2020

    මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර ඇත.

    කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල සියළුම පුහුණු පාඨමාලාවන් මේ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නේවාසිකව රැදී සිටින සියළුම පුහුණුලාභීන්ට තම නිවෙස් වලට යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාර්යාංශය දැනුම් දෙයි.

    Latest News