චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වැසේ

මාර් 14, 2020

    ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට (14) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි.

    ඒ අනුව චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා අද සිට වසා තැබෙන අතර විවෘත කෙරෙන දිනය පසුව දැනුම්දෙන බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

    Latest News