විද්‍යා කුළුණ අගමැති අතින් විවෘත කෙරේ (වීඩියෝ)

මාර් 10, 2020
  • ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කිරීම අද (10) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.

    විද්‍යා කුළුණ ලෙස නම් කර ඇති ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගම්මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ විජේරාම මාවතේ 120/10 දරණ ස්ථානයේ ඉදිකර ඇත. වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිවිද්‍යා, රසායනවිද්‍යා, භෞතිකවිද්‍යා, තොරතුරු තාක්ෂණවේදය, තාක්ෂණවිද්‍යා හා සමාජවිද්‍යා යන ක්ෂේත‍්‍ර යටතේ ලංකාවේ සිටින සියලූම විද්‍යාඥයින් ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වය දරයි. පාසල් ළමුන් අතර විද්‍යා විෂය ප‍්‍රචලිත කිරීම, විද්‍යා පරීක්ෂණ සඳහා සහාය දැක්වීම, විද්‍යා සැසි පැවැත්වීම ආදි විද්‍යා විෂය සම්බන්ධයෙන් වූ කි‍්‍රයාකාරකම් රැසක් මෙම සංගමයේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙයි.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:09

    Latest News