ජ'පුර සිසුවාගේ අනතුර ගැන තවදුරටත් පරීක්‍ෂණ (වීඩියෝ)

මාර් 10, 2020
  • සාදයක් අතරතුර අනතුරට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

    විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් සාදයක් අතරතුරදී ටයරයක් තල්ලුකර එවීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ පසිඳු හිරුෂාන් නමැති සිසුවා පසුගිය වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ ඉක්තු 5 වැනිදායි. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන පසිඳුගේ මව ද ජීවතුන් අතර නැහැ.

    ඔහුගේ පියා දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිසුවාට අධ්‍යාපනය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද පරීක්‍ෂණ පවත්වනවා. මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිසුවා බැලීම සඳහා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද පැමිණියා.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:11

    Latest News