නාවල, කොළඹගේ මාවතේ මහල් නිවාස ව්‍යාපෘතියක් (වීඩියෝ)

මාර් 10, 2020
  • නාවල, කොළඹගේ මාවතේ නිවාස 624කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා.

    ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,127ක්. මෙම මහල් නිවාස සංකීර්ණය ආරම්භ  කර තිබෙන්නේ, කොළඹ නගරයේ අවිධිමත් ජනාවාස හිමියන්ට ලබාදීම සඳහායි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය අරමුදල යටතේ ක්‍රියාත්මක නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘතියේ පළමුවන සහ දෙවන අදියර යටතේ මේ වනවිට නිවාස ඒකක12,855ක් ජනතාවට ලබාදී තිබෙනවා. එහි තුන්වන අදියර යටතේ නිවාස ඒකක 5,500ක් ඉදිකිරීමට නියමිතයි. එහි ආරම්භක ව්‍යාපෘතියක් ලෙසයි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:10

    Latest News