අද කාලගුණය

මාර් 10, 2020

    සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සදහා වැඩි අවදානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදු කර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතුවලින් වැලකී සිටිය යුතු වේ.  වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවලද අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

    සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. 

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා ඉහළ යාහැක.මන්නාරම සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශතරමක් රළු විය හැක.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 07:37

    Latest News