ද.කොරියාවේ සිට අද පැමිණි 160ක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත

මාර් 10, 2020

    දකුණු කොරියාවේ සිට අද අළුයම පැමිණි ගුවන් මගීන් 160 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

    ඔවුන් කොරියානු ගුවන් සේවයට අයත් ඉන්චියෝන් කේ.ඊ. 473 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇති විශේෂ බස් රථ මගිනුයි, ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත නිරෝධායන සඳහා යොමු කෙරෙන්නේ.

    මේ අතර අද අළුයම දිවයිනට ඉතාලියේ සිට පැමිණි තවත් 20 දෙනෙක් ද නිරෝධායන කටයුතු සඳහා වන යොමු කෙරේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 07:28

    Latest News