ජ'පුර සිසුවා තවමත් දැඩිසත්කාර ඒකකයේ

මාර් 09, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත්‌ කෙරුණු සිසුවා තවමත් සුව අතට හැරී නැති බව වාර්තාවේ.

    විශ්වවිද්‍යාලයේ පැවති සාදයක්‌ අතරතුර අනතුරකට ලක්ව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත්‌ කෙරුණු අතර දැනට දැඩි සත්කාර ඒකකයේ පතිකාර ලබමින් සිටියි.

    ඉකුත්‌ 5 වැනිදා රාත්‍රී විශ්වවිද්‍යාලයේ පැවති සාදයක්‌ අවසානයේ පියගැටපෙලේ ගමන්‌ කරමින්‌ සිටි සිසුවාගේ ඇඟ මතට විශාල රෝදයක්‌ පෙරලීමෙන්‌ මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබූ
    සිසුවා රෝහල්‌ ගත කෙරුණු අතර, පසුව ඔහුට ශල්‍යකරිමයක්‌ සිදු කළ බවයි වාර්තා වන්නේ. තුවාල ලබා ඇත්තේ ගම්පහ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන්‌ නැමති සිසුවෙකි.

    Latest News