පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට අද වතුර කැපේ

මාර් 10, 2020

    පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.


    ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා - ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇත.

    විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 07:39

    Latest News